හිටපු ජනපති පිළිගන්න ඇමතිවරු 20කට අධික පිරිසක් කටුනායක ගුවන් තොටුපලට

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි.

ඔහුව පිළිගැනීම සඳහා ඇමතිවරු 20කට අධික පිරිසක් කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට පැමිණෙන බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

ගුවන් තොටුපල අවට ප්‍රදේශවලට විශේෂ ආරක්ෂාවක් මේ වනවිටත් යොදා ඇති බව සඳහන් වනවා.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් රජය විසින් ලබාදෙන කොළඹ පිහිටි නිවසක හිටපු ජනාධිපතිවරයා රැදී සිටින බව AFP පුවත් සේවය වාර්තා කරනවා.

පසුගිය ජුලි 13 වැනිදා හිටපු ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
82
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?