හිටපු ජනපතිවරුන් දෙපළට සම්බාධක පැනවීම ගැන ශ්‍රී ලංකාවේ කනස්සල්ල

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කැනඩා රජය විසින් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

විදේශ අමාත්‍ය අලි සබ්රි සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් අතර අද පැවති හමුවකදී යි මේබව ප්‍රකාශ වී ඇත්තේ.

මෙම හමුවේදී විදේශ අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකුට සම්බාධක පැනවීම මෙම තීරණාත්මක අවස්ථාවේදී පිළිගත හැකි ක්‍රියාවක් නොවන බවයි.

පවතින ගැටලු නිරාකරණය කර සංහිඳියාව ඇති කර ගැනීම සඳහා පවතින ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණවල නිරතව සිටින අවස්ථාවක මෙම සම්බාධක පනවා ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන් හතර දෙනෙකුට එරෙහිව කැනඩාව සම්බාධක පනවා ඇති බව කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි ඊයේ ප්‍රකාශ කිරනු ලැබුවා.

1983 වසරේ සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ ගැටුම්වලදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට චෝදනා කරමින් මෙම සම්බාධක පනවා තිබෙනවා.

කැනඩාවේ විශේෂ ආර්ථික පියවර පනතට අනුව ලැයිස්තුගත පුද්ගලයින්ට ගනුදෙනු තහනමක් පනවන අතර, එමඟින් කැනඩාවේ ඔවුන් සතුව තිබිය හැකි ඕනෑම වත්කමක් රජය භාරයට ගනු ලබනවා.

වසර 30 ක යුද්ධයෙන් පසු 2009 දී ශ්‍රී ලංකාව එල්. ටී. ටී. ඊ. සංවිධානය මර්දනය කරන විට මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ අතර ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙසටස් කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?