හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවලගේ බිරිඳ පැදවූ මෝටර් රථයේ අද (17) අලුයම 6.00ට පමණ තවත් මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් මන්ත්‍රීවරයාගේ බිරිඳ තුවාල ලබා රෝහල් ගත කළ බව බියගම පොලිසිය සඳහන් කරනවා.
කැළණිය – බියගම මාර්ගයේ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට දී එම රිය අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු වන කළුතර, උතුර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිදුකළ පරික්ෂාවේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වූ බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රීවරයාගේ බිරිඳ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහලටයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



