spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු උපකුලපති රෝහලට යැවූ සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසියි

පේරාදෙණිය විශ්ව විද්‍යලයේ හිටපු උපකුලපති ජ්යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්න ඇතුළු පවුලේ උදවියට පහර දී නිල නිවසට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්යාල මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කළ බව පේරාදෙණිය විශ්වවිද්යාලයේ මාධ්ය ප්‍රකාශක, නියෝජ්‍ය උපකුලපති, මහචාර්ය ටෙරන්ස් මදුජිත් පැවසීය.

මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) පේරාදෙණිය විශ්ව විද්‍යලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ආවේක්ෂණ කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම සිසුන් 12 දෙනා හඳුනා ගත් බවත් අදාළ සිදුවීම සම්බන්ධ පරීක්ෂණ අවසන් වනතෙක් මෙම සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමේ තීරණය ක්‍රියාත්මක වන බවත් සිද්ධියට සම්බන්ධ අනෙකුත් සිසුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

විශ්වවිද්යාල බලධාරීන්, විනය පාලකවරයා, ආරක්ෂක අංශ සාමාජිකයින් පොලීසිය හා සම්බන්ධ වී සහයෝගයෙන් කටයුතු කර අදාළ සිද්ධියට සම්බන්ධ සිසුන් හඳුනා ගෙන නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසුවේය.

සිසුන්ගේ කලහකාරී හැසිරීම් සෑම කාලයකම නිරීක්ෂණය වී තිබුණත් මේ ආකාරයට ආචාර්යවරයෙකුට සහ පවුලේ උදවියට පහර දුන් පළමු අවස්ථාව මෙය වන බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?