හිඟ බදු නොගෙව්වොත් මත්පැන් නිෂ්පාදන සමාගම්වල ලයිසන් අහෝසි

බදු ගෙවීම පැහැර හැර සිටි මෙරට ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් නවයක් අදාළ හිඟ බදු මුදල් ගෙවීම මේ වනවිට ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අදාළ සමාගම් විසින් රුපියල් බිලියන 6.2ක හිඟ බදු මුදලක් ගෙවීමට තිබූ අතර, සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය සතියේ දැනුම් දුන්නේ දින 14ක කාලයක් තුළ හිඟ බදු මුදල් ගෙවා අවසන් කරන ලෙසයි.

පාර්ශ්ව රැසකගෙන් එල්ල වූ බලපෑම් හමුවේ අදාළ සමාගම්වලින් හිඟ බදු මුදල් අයකර ගැනීමට දින 14ක අවසාන නිවේදනයක් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලැබුවා.

ඇතැම් සමාගම් පසුගිය වසර කිහිපය තුළ බදු ගෙවීම පැහැර හැර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස හිඟ බදු මුදල් ගෙවීම සඳහා එම සමාගම්වලට කඩිනමින් විධිමත් සැලස්මක් හඳුන්වාදීමට ද කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

කෙසේ වෙතත් මෙම හිඟ බදු මුදල් ගෙවීම අපොහොසත් වන සමාගම්වල බලපත්‍රය අහෝසි කිරීමට සිදුවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
16
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?