AFC Banner
AFC Banner
Empty Ad

හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින් කැරපොත්තෙකුට නම තියන්න මෙන්න අවස්ථාවක් (ඡායාරූප)

හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින් ඔහුට හෝ ඇයට වෛර කිරීම වෙනුවට ඔහුගේ හෝ ඇයගේ නමින් කැරපොත්තෙක් නම් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

කැනඩාවේ ටොරොන්ටෝ නුවර සත්වෝද්‍යානයේ දී මෙම විශේෂ වැඩසටහන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

‘කැරපොත්තකුට නම් තබන්න’ ලෙස මෙම වැඩසටහන නම්කර ඇති අතර, පෙබරවාරි 14 වනදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි සත්වෝද්‍යානයේ භාරකරුවන් කියා සිටියේ.
මේ සඳහා කැනඩා ඩොලර් 25ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 6,750ක්) අය කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව කැරපොත්තකුට නමක් තැබීමට අවශ්‍ය අයෙකුට මුදල් ලබා දී අයැදුම්පතක් ලබා ගැනීමෙන් අනතුරුව එය පුරවා ආපසු භාරදීම කළයුතු වනවා.

කෙසේ වෙතත් කෙනෙකුට අපහාස වන අයුරින් නම් තැබීමකට ලබාදීමක් සිදු නොවන බවයි සත්වෝද්‍යානය භාරකරුවන් සඳහන් කර සිටියේ.

“රෝස මල් රතු පාටයි, වයලට් නිල් පාටයි, ඔබට කරදර කරන කෙනෙක් ඔබේ ජීවිතයේ සිටීද ? මෙම ආදරවන්තයින්ගේ දිනයට ඔවුන්ගේ ගෞරවය පිණිස කැරපොත්තෙකු නම් කිරීමෙන් ඔවුන්ට ඇස්වල කඳුලු ලබා දෙන්න” ටොරොන්ටෝ සත්වෝද්‍යානයේ ට්විටර් ගිණුමේ මෙලෙස දක්වා තිබෙනවා.

1 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?