හැරී බෲක්ට අවුරුදු දෙකකට IPL තහනම්

එංගලන්ත පිතිකරු හැරී බෲක්ට ඉන්දීය ප්‍රිමියර් ලීගය වසර දෙකකට තහනම් කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් හැරීට මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.

ලබන 22 වනදා ආරම්භ වන 2025 අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් හැරී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ගිවිසුම් ගතව සිටි අතර, තරගාවලිය ආරම්භයට ආසන්නව තිබිය දී ඔහු මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා නොකරන බවට දැනුම් දී තිබෙනවා.

අයි.පී.එල්. වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් නම ලියාපදිංචි කිරීමට පෙර සෑම ක්‍රීඩකයෙකුටම දැනුම් දුන් කොන්දේසි හා ප්‍රතිපත්ති අනුව අත්‍යවශ්‍ය කරුණක දී හැර තරගාවලිය මඟහැරීමට ක්‍රීඩකයින්ට අවස්ථාව හිමිවන්නේ නැහැ.

හැරී බෲක් විසින් එම කොන්දේසි හා ප්‍රතිපත්තිවලට පරිබාහිරව කටයුතු කර ඇති බැවින් ඔහුට මෙලෙස වසර දෙකක කාලයක් අයි.පී.එල් තහනමක් පනවා තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් මෙම තීරණය එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?