හැරී බෲක්ට අවුරුදු දෙකකට IPL තහනම්

එංගලන්ත පිතිකරු හැරී බෲක්ට ඉන්දීය ප්‍රිමියර් ලීගය වසර දෙකකට තහනම් කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් හැරීට මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.

ලබන 22 වනදා ආරම්භ වන 2025 අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් හැරී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ගිවිසුම් ගතව සිටි අතර, තරගාවලිය ආරම්භයට ආසන්නව තිබිය දී ඔහු මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා නොකරන බවට දැනුම් දී තිබෙනවා.

අයි.පී.එල්. වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් නම ලියාපදිංචි කිරීමට පෙර සෑම ක්‍රීඩකයෙකුටම දැනුම් දුන් කොන්දේසි හා ප්‍රතිපත්ති අනුව අත්‍යවශ්‍ය කරුණක දී හැර තරගාවලිය මඟහැරීමට ක්‍රීඩකයින්ට අවස්ථාව හිමිවන්නේ නැහැ.

හැරී බෲක් විසින් එම කොන්දේසි හා ප්‍රතිපත්තිවලට පරිබාහිරව කටයුතු කර ඇති බැවින් ඔහුට මෙලෙස වසර දෙකක කාලයක් අයි.පී.එල් තහනමක් පනවා තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් මෙම තීරණය එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34