AFC Banner
AFC Banner
Empty Ad

හැරී කුමරු රජු බැලීමට එංගලන්තයට පැමිණීමේ සූදානමක්

තුන්වන චාල්ස් රජුට පිළිකා රෝග විනිශ්චය කිරීමෙන් පසු හැරී කුමරු රජු හමුවීමට පැමිණෙන බව දන්වා තිබෙනවා.

එක්සත් ජනපදයේ ජීවත් වන හැරී කුමරු චාල්ස් රජු සමඟ කතා කර ඇති අතර, ඉදිරි දිනවල දී ඔහු බැලීමට පැමිණෙනු ඇතැයි එක්සත් රාජධානියේ නියෝජිතායතනය කුමරුට සමීප මූලාශ්‍රයක් උපුටා දක්වමින් සඳහන් කරනවා.

තුන්වන චාල්ස් රජු පිළිකා රෝගයකින් පෙළෙන බවත්, ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත් බකිංහැම් මාලිගය ඊයේ (05) ප්‍රකාශ කළේ ලොව පුරා ප්‍රමුඛ පුවතක් බවට එය පත්කරමින්.

මාළිගාව පැවසුවේ, රජුගේ මෑතකාලීන රෝහල් ක්‍රියාවලියේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වූ රෝගී තත්ත්වයක් විනිශ්චය කිරීමේ දී වෛද්‍යවරු මෙම පිළිකා තත්ත්වය සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් රජුට වැළඳී ඇති පිළිකා වර්ගය හෝ එය කෙතරම් දුරට ව්‍යාප්ත වී ඇද්ද යන්න රජ මාලිගය තවමත් නිවේදනය කර නැහැ.

රජතුමා සම්පූර්ණයෙන්ම ධනාත්මක මානසික තත්ත්වයෙන් සිටින බවත්, හැකි ඉක්මනින් සම්පූර්ණ රාජ්‍ය රාජකාරියට පැමිණීමට බලාපොරොත්තුවන බවත් බැකිංහැම් මාලිගය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
4
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?