හැරී කුමරු රජු බැලීමට එංගලන්තයට පැමිණීමේ සූදානමක්

තුන්වන චාල්ස් රජුට පිළිකා රෝග විනිශ්චය කිරීමෙන් පසු හැරී කුමරු රජු හමුවීමට පැමිණෙන බව දන්වා තිබෙනවා.

එක්සත් ජනපදයේ ජීවත් වන හැරී කුමරු චාල්ස් රජු සමඟ කතා කර ඇති අතර, ඉදිරි දිනවල දී ඔහු බැලීමට පැමිණෙනු ඇතැයි එක්සත් රාජධානියේ නියෝජිතායතනය කුමරුට සමීප මූලාශ්‍රයක් උපුටා දක්වමින් සඳහන් කරනවා.

තුන්වන චාල්ස් රජු පිළිකා රෝගයකින් පෙළෙන බවත්, ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත් බකිංහැම් මාලිගය ඊයේ (05) ප්‍රකාශ කළේ ලොව පුරා ප්‍රමුඛ පුවතක් බවට එය පත්කරමින්.

මාළිගාව පැවසුවේ, රජුගේ මෑතකාලීන රෝහල් ක්‍රියාවලියේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වූ රෝගී තත්ත්වයක් විනිශ්චය කිරීමේ දී වෛද්‍යවරු මෙම පිළිකා තත්ත්වය සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් රජුට වැළඳී ඇති පිළිකා වර්ගය හෝ එය කෙතරම් දුරට ව්‍යාප්ත වී ඇද්ද යන්න රජ මාලිගය තවමත් නිවේදනය කර නැහැ.

රජතුමා සම්පූර්ණයෙන්ම ධනාත්මක මානසික තත්ත්වයෙන් සිටින බවත්, හැකි ඉක්මනින් සම්පූර්ණ රාජ්‍ය රාජකාරියට පැමිණීමට බලාපොරොත්තුවන බවත් බැකිංහැම් මාලිගය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46