spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හැම තිස්සේ ම දුන්න සපෝට් එකට හදවතින්ම ස්තූතියි… මේ ජයග්‍රහණය මුළු ලංකාවටමයි

ආසියනු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි අතර, එහිදී මාධ්‍යට අදහස් දක්වමින් භානුක රාජපක්ෂ පැවසුවේ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු සහයෝගයට හදවතින් ම ස්තූති කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් භානුක රාජපක්ෂ පවසා සිටියේ,

“එකමුතුකම හැමෝම දකින්න ඇති අපි ක්‍රීඩා කළේ හැමෝම එක්කෙනෙක් වගේ එකට බැහැලා. මම කියනවා ට වඩා ලේසියි දැකපු අය ඒක දන්නවා.අපි ඇත්තටම ස්තූති කරන්න ඕනේ ක්‍රීඩකයින් වශයෙන් ලොකු හයියක් ප්‍රේක්ෂකයින් අපිත් එක්ක ඉන්න එක. සමහර වසර ගාණක් තිබුණා අපි ජයග්‍රහණයට ළං වුණෙත් නැති. ඒ ගොල්ලෝ අපිව බැක් කරලා දුන්න සපෝට් එකට හදවතින්ම ස්තූති කරනවා. මේ ජයග්‍රහණය මුළු ලංකාවටම. අපි ගැන සමහර විට රටක් විදියට මිනිස්සු බලන විදිය වෙනස්. මම හිතනවා මේ වෙලාවේ අපි කරපු දෙයින් යම් හිනාවක් ගේන්න ලැබුණා නම් ඒක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?