හැටන් සිංගිමලේ ජලාශයට වැටී සිසුවෙක් අතුරුදන්

හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන් වී ඇති බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පවසනවා.

හැටන් – කොටගල කේම්බ්‍රිජ් දමිළ මහා විද්‍යාලයේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි රාම් මූර්ති තමිල් මාරන් නමැති සිසුවෙක් මෙලෙස ජලාශයට ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එම සිසුවා ඔහුගේ මිතුරන් 06 දෙනෙකු සමග ඊයේ (08) දින පස්වරුවේ ඡායාරූප ගැනීමට ජලාශයට ඉහළින් වූ සිංගිමලේ රක්ෂිතයට ඇතුල් වී ඡායාරූප රැගෙන ජලාශයේ වේල්ල දිගේ ගමන් කරමින් සිටිය දී ජලාශයේ වතුරෙන් පය සේදීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී එම සිසුවා ජලාශයට ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට පානීය ජලය ලබා ගන්නා එම ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබීම හේතුවෙන් අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වූ බවත්, සිසුවාගේ සිරුර සොයා ගැනීම සඳහා පොලිස් ජීවිත ආරක්ෂක බලකායේ සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නිලධාරීන්ගේ ද සහාය ඉල්ලා ඇති බවත් හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියා.

අතුරුදන් වූ සිසුවාගේ දෙමව්පියන් විදේශගත වී ඇති බවත්, ඔහු පාසල් යෑම සඳහා හැටන් ප්‍රදේශයේ බෝඩිමක නැවතී සිටියදී පරිගණක බාහිර පන්තියකට සහභාගී වන බව පවසා නිවසින් බැහැර ව ගොස් ඇති බවත් හෙළි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04