spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හැටන් නගරයේ ගැට කැපූ තරුණියන් පහක් පොලිස් අත්අඩංගුවට

හැටන් නගරයේ ගැට කැපීමට පැමිණ සිටි තරුණියන් පස්දෙනෙක් පොලිසිය විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එළඹෙන උත්සව සාමය වෙනුවෙන් නගරයට පැමිණන පුද්ගලයින්ගේ රණ් ආභරණ සහ මුදල් පසුම්බි සොරකම් කිරීමේ අරමුණින් සංවිධානාත්මකව මෙම පිරිස හැටන් නගරයට පැමිණ ඇති බවයි මූලික විමර්ශවලදී අනාවරණය වී ඇත්තේ.

මොවුන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිට මෙලෙස හැටන් නගරයට පැමිණ ඇති බව සඳහන්.

උත්සව සමයේ හඳුන්කුරු අලෙවි කරන මුවාවෙන් නරගය තුළ සැරිසරමින් මොවුන් පස්දෙනා පුද්ගලයින්ගේ මුදල් පසුම්බි සහ රණ් ආභරණ සොරාගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් තරුණියන් පස්දෙනා සන්තකයේ තිබී සොරාගත් මුදල් පසුම්බි කිහිපයක් සහ මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මොවුන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නියන් බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?