හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුළ එලවළු මිල දැඩි ලෙස ඉහලට

හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල එලවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පාරිභෝගිකයන් පවසනුයේ මේ වන විට එලවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මේ වන විට බෝංචි ක්‍රිලෝව රුපියල් 480ත් 520ත්, වම්බටු ක්‍රිලෝව 550ත් 600ත්, ලික්ස්, කැරට්, බිට්, ක්‍රිලොව රුපියල් 440ත් 480ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 700ත් 750ත්, අළු කෙසල් ක්‍රිලෝව 300ත් 320ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, අතර මිලකට අලෙවි වන බවද එම පිරිස් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි ප්‍රදේශයේ එලවළු වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ එලවළු තොග මිල ගනන් මේ වන විට ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

එලවළු මිල මෙසේ ඉහල යාමත් සමග එලවළු අලෙවියද පහල බැසිමෙස් පාරිභොගිකයන් මෙන්ම තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරස් වැඩි දුරටත් පවසති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?