හැකි වහාම ලෙබනනයෙන් ඉවත් වන්න – විදේශිකයින්ට දැනුම්දීමක්

මේ වනවිට කලාපීය ගැටුම් උත්සන්න වී ඇති බැවින් හැකි ඉක්මනින් ඉවත් ව යන ලෙස ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව විසින් ලෙබනනයේ වෙසෙන සිය වැසියන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

CNN පුවත් සේවය වාර්තා කරන පරිදි ඉදිරියේ දී මැදපෙරදිග යුද ගැටුමක් ඇති වීමේ ප්‍රවණතාවක් මේ වනවිට නිර්මාණය වෙමින් පවතින බැවින් බවයි වාර්තා වන්නේ.

මැද පෙරදිග කලාපයේ ඇවිළෙමින් පවතින ගාසා තීරයේ ඊශ්‍රායල – පලස්තීන ගැටුම් මධ්‍යයේ බ්‍රිතාන්‍යය ප්‍රකාශ කර සිටියෙ එම කලාපයට අවශ්‍ය අමතර යුද නැව් යැවීමට සිය රාජ්‍යය කටයුතු කරන බවයි.

මෙම තත්ත්වය හමුවේ ඉදිරියේ දී පලස්තීනයෙන් දැඩි ප්‍රතිචාර හිමි වනු ඇතැයි අපේක්ෂා කරන බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමි විසින් ලෙබනනයේ රැඳී සිටින සිය පුරවැසියන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ මෙම වේලාවේ ලෙබනනයේ වොෂින්ටන් තානාපති කාර්යාලය විසින් ලබාදෙනු ලබන ඕනෑම වර්ගයේ ප්‍රවේශ පත්‍රයක් ලබාගනිමින් වහාම එරටින් පිටව යන ලෙසයි.

මෙම සතිය මුල දී ටෙහෙරාන් අගනුවර දී හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉරානය ඊශ්‍රායලයෙන් පළිගන්නා බවට ප්‍රතිඥා දීමෙන් පසු මැද පෙරදිග කලාපය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටීම මීට ප්‍රධානතම හේතුවයි.

Haniyeh ගේ මරණය සිදු වූයේ ලෙබනන් අගනුවර වන Beirut වෙත ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලාගේ ජ්‍යෙෂ්ඨතම හමුදාපති ෆුආඩ් ෂුක්ර් ඝාතනය කිරීමෙන් පැය කිහිපයකට පසුව වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?