රුපියල් හාර කෝටි හැටහතර ලක්ෂ විසි දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියක් අද (06) උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ – 13 ප්‍රදේශයේ පදිංචි, නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන 28 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.
මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන අබුඩාබි නුවර වෙත පැමිණ, එතැන් සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරණ ගුවන් යානයෙන් අද (06) උදෑසන 08.20ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 642ක ප්‍රමාණය, පැකැට් 04ක් ලෙස සකස් කර සඟවා ගෙන රැගෙන ඇවිත් තිබුණා.
අත්අඩංගුවට ගැනුණු ගුවන් මගියා අද (06) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගැනීමට නියමිතයි.






