හලාවත පාසලක තාප්පයක් කඩා වැටී සිසුන් දෙදෙනෙකුට තුවාල (ඡායාරූප)

හලාවත – අඹකදවිල ශාන්ත රෝගුස් කනිටු විද්‍යාලයේ තාවකාලික තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

අද (12) දහවල් සිදු වූ මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ එම පාසලේ 11 වන ශ්‍රේණියේ සහ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක්.

තුවාල ලැබූ සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවෙක් ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

විද්‍යාලයේ ඉදිකර ඇති ගොඩනැගිලි අතර තිබෙන අවකාශයක් වසා දැමීම සඳහා තාවකාලිකව ඉදිකර තිබූ තාප්පයක් මෙලෙස කඩා වැටී ඇති බවයි අප වාර්තකරු සඳහන් කළේ.

එම තාප්පයට සවි කර ඇති ගේට්ටුවක් වසා දැමීමට උත්සාහ කිරීමේ දී එය මෙලෙස කඩා වැටී තිබෙනවා.

රෝහල් ගත කළ සිසුවාග් තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?