හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධියට ඇල්ලූ යතුරුපැදිකරු ඇතුළු තිදෙනා ගැන අධිකරණයෙන් තීන්දුවක්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙකු පැය විසි හතරක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අවසර දුන්නා.

අද (28) දින නාරාහෙන්පිට පොලිසිය සහ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළ වෙඩි තැබීමට යතුරුපැදිකරු වශයෙන් පැමිණි තැනැත්තා සහ ඊට සහාය වුණු තවත් දෙදෙනෙක්.

පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරූ අනෙකුත් සැකකරුවන් තිදෙනා හෙට (29) දහවල් 02කට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?