හරින්ද්‍ර චානක අයිලප්පෙරුම රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

රජයේ රැකියා ලබාදෙන බව පවසා අල්ලස් ලෙස රුපියල් 200,000ක සහ රුපියල් 150,000ක මුදල් ඉල්ලා ලබාගැනීම සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ, මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එක්සත් ජාතික පක්ෂයේ) දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතාව විමර්ශන නිලධාරීන් විසින් අද (26) පෙරවරුවේ දී අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලද අතර, එදිනට සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?