හරිත මූල්‍ය කමිටුවක් පිහිටුවීමට ජනපතිගෙන් උපදෙස්

2023 වසර තුළ හරිත මූල්‍ය ව්‍යාපෘති සඳහා අරමුදල් රැස් කර ගැනීම වෙනුවෙන් ශක්තිමත් මාර්ග සිතියමක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හරිත මූල්‍ය කමිටුවක් පත් කරන ලෙසටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත්තේ.

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

හරිත මූල්‍යයනය වශයෙන් පොදුවේ අදහස් කරනුයේ කාලගුණ විපර්යාස ආශ්‍රිත අභියෝග හා කාබන් විමෝචනය අඩු ආර්ථිකයක් කරා ගමන් කිරීමේ දී මුහුණපාන අභියෝග ජය ගැනීමට මූල්‍ය ප්‍රවාහයන් යොමු කිරිමයි.

හරිත මූල්‍ය, හරිත බැඳුම්කර, දේශගුණික මූල්‍ය යනාදී වශයෙන් දැනටමත් සිදුවෙමින් පවතින සියලුම ක්‍රියාවලීන් නිශ්චිත විෂය පථයක්, ක්‍රියාමාර්ග සහ ඉලක්ක සහිතව එක් වේදිකාවකට පෙළගැස්වීම හරිත මුල්‍ය පිළිබඳ මාර්ග සිතියම මගින් අපේක්ෂා කෙරෙනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේ දී පුළුල් අවධානයක් යොමු වූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07