ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂිත් රානා 2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් තිබෙනවා.
ආබාධයක් හේතුවෙන් හර්ෂිත් රානාට මෙලෙස ලෝක කුසලාන තරගාවලිට අහිමව යන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
දකුණු අප්‍රිකාවට එරෙහිව පෙරේදා (04) පැවති පෙර පුහුණු තරගයේ දී ඔහු මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.
විස්සයි විස්ස ලෝක කුසලානයට සඳහා නම් කළ ඉන්දීය සංචිතයට හර්ෂිත් රානා ඇතුළුව වේග පන්දු යවන්නන් තිදෙනෙකු නම්කර තිබුණා.
ඔහුගේ ඉවත්වීමෙන් පසු සංචිතයට එක්කර ගන්නා ක්‍රීඩකයා පිළිබඳව තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති අතර, එම ආදේශකය තුන් ඉරියව් ක්‍රීඩකයෙක් නොවන බවයි ඉන්දීය කණ්ඩායමේ නායක සූර්යකුමාර් යාදෙව් සඳහන් කළේ.
ලෝක කුසලානයට නම් කර ඇති ඉන්දීය සංචිතය තුළ තුන් ඉරියව් වේග පන්දු යවන්නන් ලෙස ශිවම් ඩුබේ සහ හාර්දික් පාණ්ඩ්‍යා සිටිනවා.













