හරක් කටාට උදව්කළ බවට සැකපිට සීඅයිඩියේ සහකාර පොලිස් අධිකාරීවරයා සීඅයිඩියෙන් ඉවතට

හරක් කටාට සහාය දුන් බවට සැකකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර ඇත.

මෙම සහකාර පොලිස් අධිකාරීවරයා හරක්කටා සමග රාත්‍රී කාලයන්හි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය පිලිබදව සාකච්ඡා කර ඇති බවට ආරංචි ලැබී ඇත.

තවද මෙම පොලිස් අධිකාරීවරයා ඉහළ නිලධාරීන්ට කතා කරමින් හරකකටාගේ විමර්ශනය තමා වෙත ලබාදෙන ලෙස දිගින් දිගටම බලපෑම් කර ඇති බවද පොලිසියයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

හරක් කටා පැන යෑමට තැත් කල අවස්ථාවේ මෙම සහකාර පොලිස් අධිකාරීවරයාගේ සහය ලැබී ඇත්දැයි පිලිබදව විමර්ශනයක්ද සිදුකෙරෙමින් ඇත.

වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම පොලිස් අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ කොට්ඨාශයෙන් ඉවත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
24
+1
1
+1
2
+1
8
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?