හරක් කටාගේ පෙත්සම විභාගයට දිනදෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින තමන්ව රදවාගෙන සිටින රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම නොවැම්බර් මස 06 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළා.

අදාළ පෙත්සම අද (25) අභියාචනයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ඔක්තෝබර් මස 09 වනදා ඉදිරිපත් කරන ලෙසත් ප්‍රතිවිරෝධතා ඔක්තෝබර් මස 26 වනදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

ඉන් පසුව අදාළ පෙත්සම් විභාගය නොවැම්බර් මස 06 වනදා සිදුකරන බවයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.

තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එබැවින් එය දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?