හරක්කටා කළ කෝටි 30 ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන රජයේ දැඩි අවධානය

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා ඊයේ (14) දිනයේ අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ ඔහු සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ ආරක්ෂක අංශවල දැඩි අවදානය යොමු ව තිබෙනවා.

ඒ අනුව වැඩ ආවරණය කරන පොලිස්පති ලලිත් පතිනායක මහතාට නියෝග කර ඇත්තේ අදාළ ප්‍රකාශය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින්.

තමාව තංගල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන සිටින්නේ, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයවලුන් හට රුපියල් කෝටි 30ක් නොදුන් නිසාවෙන් බව මෙරට අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කුප්‍රකටත්වයට පත් හරක්කටා හෙවත් නදුන් චින්තක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා.

ඒ ඊයේ (14) පෙරවරුවේ කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි ඔහු ව රැගෙන යන අතරතුරදියි හරක්කටා මෙම ප්‍රකාශය මාධ්‍ය වෙත සිදු කර ඇත්තේ.

තමන්ව තංගල්ලේ රුපියල් කෝටියක් පමණ වියදම් කරමින් තබාගෙන සිටින්නේ ඉහත කී ප්‍රබලයින් හට අදාළ මුදල ලබා නොදුන් නිසා බවයි හරක්කටා සඳහන් කරන්නේ.

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක්කටාගේ රෝගී තත්ත්වය ප්‍රදේශය භාර අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හෝ ඔහු විසින් නම් කරන වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?