spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොරකම් කළ වාලම්පුරියක් කෝටියකට විකුණන්න තැතක්

රුපියල් කෝටියක මුදලකට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වාලම්පුරියක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.විශේෂ කාර්‍ය බලකායේ අම්පාර කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත්තේ ඊයේ (11) අම්පාර පොලිස් වසමේ දියි.

උපාය දූතයෙකු යොදා දූරකථන මාර්ගයෙන් වාලම්පුරිය අලෙවියට තැත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගනිමින් මෙම වැටලීම සිදු කර තිබුණා.

මෙම සැකකරු ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකු වන අතර, ඔහු විසින් මෙම වාලම්පුරිය පැපුවානිව්ගිනියාව රාජ්‍යයේ පෞද්ගලික භාණ්ඩ අලෙවිසැලකින් සොරාගෙන ගුවන් මගින් මෙරටට ගෙන එමින්, සූක්ෂ්ම ලෙසින් රේගුවට හසුනොවෙන්න රැගෙන ගොස් ඇති බව ද හෙළි වී තිබෙනවා.අදාළ පුද්ගල‍යා කලක් පැපුවානිව්ගිනියා රාජ්‍යයේ සේවය කළ අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අම්පාර පොලිසිය සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?