හයේෂිකාගේ හුටපටයට ඇප මත සිටින තරුණයාට වාරණ පනවන්න යැයි ඉල්ලූ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

ජනප්‍රිය පහ වසර උපකාරක පන්ති ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු නමැත්ති‍යගේ සිද්ධියට අත් අඩංගුවට ගෙන මැයි 17 වැනි දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත නිදහස් කෙරුණු 19 හැවිරිදි තරුණයා අද (21) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව එම නඩුව නැවති ජූලි මස 16 වන දින දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, පැමිණිල්ලේ පාර්ශ්වයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සැකකාර තරුණයාගේ දෙමාපියන් ඇතුළු පිරිස විසින් අධිකරණ තීන්දුවක් හෑල්ලුවට ලක් කරමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ බවත්, යළිත් එලෙස නොකිරීමට වාරණයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි බවයි.

නමුත් මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර, විනිසුරුවරිය පවසා ඇත්තේ, සැකකාර තරුණයා විසින් නීතිමය කටයුතු නීත්‍යනුකූල ව සිදු කර ඇති බැවින් එලෙස වාරණයක් පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බවටයි.

කෙසේවෙතත් අදාළ විමර්ශන කටයුතු පොලිසියෙන් විධිමත් ව සිදු කරන ලෙසට අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

මේ අතර පහ වසර ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නමැති ගුරුවරිය එම නඩුවේ සැකකාර තරුණයාට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි එම තරුණයා විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුවත් කිරීමට පෙර මාධ්‍යයට අනාවරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කොට ඇතැයි වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වැඩබලන පොලිස්පතිවරයා එම නියෝගය කර ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?