හයේෂිකාගේ හුටපටයට ඇප මත සිටින තරුණයාට වාරණ පනවන්න යැයි ඉල්ලූ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

ජනප්‍රිය පහ වසර උපකාරක පන්ති ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු නමැත්ති‍යගේ සිද්ධියට අත් අඩංගුවට ගෙන මැයි 17 වැනි දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත නිදහස් කෙරුණු 19 හැවිරිදි තරුණයා අද (21) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව එම නඩුව නැවති ජූලි මස 16 වන දින දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, පැමිණිල්ලේ පාර්ශ්වයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සැකකාර තරුණයාගේ දෙමාපියන් ඇතුළු පිරිස විසින් අධිකරණ තීන්දුවක් හෑල්ලුවට ලක් කරමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ බවත්, යළිත් එලෙස නොකිරීමට වාරණයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි බවයි.

නමුත් මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර, විනිසුරුවරිය පවසා ඇත්තේ, සැකකාර තරුණයා විසින් නීතිමය කටයුතු නීත්‍යනුකූල ව සිදු කර ඇති බැවින් එලෙස වාරණයක් පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බවටයි.

කෙසේවෙතත් අදාළ විමර්ශන කටයුතු පොලිසියෙන් විධිමත් ව සිදු කරන ලෙසට අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

මේ අතර පහ වසර ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නමැති ගුරුවරිය එම නඩුවේ සැකකාර තරුණයාට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි එම තරුණයා විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුවත් කිරීමට පෙර මාධ්‍යයට අනාවරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කොට ඇතැයි වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වැඩබලන පොලිස්පතිවරයා එම නියෝගය කර ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34