මෙරට ලියාපදිංචි කළ නොහැකි අධිබලැති යතුරුපැදි පහක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මෙම යතුරුපැදි සමඟ ව්‍යාජ අංක තහඩු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අතුරුගිරිය, හෝකන්දර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම යතුරුපැදි සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













