හයිවේ බස් ටිකට් ගාස්තු, බැංකු කාඩ් මඟින් ගෙවීමේ පහසුකම ඇනහිටී

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීමට සලසා දී තිබූ පහසුකම, මේ වන මගීන්ට අහිමිව ගොස් ඇති බව වාර්තා වනවා.

මීට මාස කිහිපයකට ඉහත දී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අධිවේගයේ ගමන් ගන්නා බස් රථ මගීන්ට මෙම පහසුකම සලසා දුන්නා.

කෙසේ වෙතත් අද වන විට එලෙස බැංකු කාඩ්පත් මගින් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට බස් කොන්දොස්තරවරුන් වෙත ලබා දුන් බව කියන, අදාළ කාඩ්පත් කියවීමේ යන්ත්‍ර තමන් සතුව නොමැති බවයි.

එමෙන්ම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සවිකර තිබූ ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ යන්ත්‍ර හතරද මේ වනවිට ක්‍රියා විරහිත කර පසෙකට දමා ඇති බවයි වාර්තා වන්නේ.