හයිලෙවල් මාර්ගයේ ලොරියක් ගැටී වාහන 05 කට හානි

හයිලෙවල් මාර්ගයේ පහළ කොස්ගම ප්‍රදේශයේදී සිමෙන්ති පටවාගත් ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන ආපනශාලාවක් ඉදිරිපිට නවතා තිබූ වාහන රැසකට සහ ආපනශාලාවට ද හානි සිදුව තිබෙනවා.

අද (06) අළුයම මෙම අනතුර සිදුව ඇති අතර, ආපනශාලාව ඉදිරිපිට නවතා තිබූ ත්‍රීරෝද රථ තුනකට සහ යතුරුපැදි තුනකටත්, මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයකයට ද දැඩි ලෙස හානි සිදුව ඇති බව සඳහන්.

කොස්ගම පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී හෙලිවී ඇත්තේ, රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

කොස්ගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?