Empty Ad
AFC Banner
Empty Ad

හමුදා සාමාජිකයින් පිරිසක් යට කරමින් ධාවනය වූ ඉන්ධන බවුසරය

ඉන්ධන බවුසර් රථයක් නවතා තිබූ යුද හමුදා රථයක ගැටීමෙන් අද (05) අලුයම සිදුවූ අනතුරකින් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලැබූ තවත් හමුදා සෙබලුන් 05ක් මහව සහ කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කර ඇත.

අනතුර සිදුව තිබුණේ පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ අඹගස්වැව ප්‍රදේශයේ දීය. 

යාපනය සහ විශ්වමඩු හමුදා කඳවුරුවල සිට හමුදා සාමාජිකයින් 7 දෙනෙකු රැගත් ට්‍රක් රථය අඹේපුස්ස හමුදා කඳවුර වෙත ගමන් කරන අතරතුර අඹගස්වැව ප්‍රදේශයේදී මාර්ග අයිනේ නවතා ගිමන් හැර තිබේ.

හමුදා සාමාජිකයින් රථය පිටුපස සිටියදී වේගයෙන් පැමිණි බවුසර් රථයක් හමුදා සාමාජිකයින් අනතුරට ලක් කරමින් ට්‍රක් රථයේ ගැටී ඉදිරියට ධාවනය වී ඇත.

බවුසර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුවෙන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?