හමුදාවෙන් නිවාඩු ලබා පැමිණ අපරාධයකට ගිය සෙබළෙක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මාළු වෙළදාම් සිදුකරන ව්‍යාපාරියෙකුට වෙඩි තැබීමට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පිස්තෝල අවියක් සහ යතුරු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුම්වලට සමගාමීව විශේෂ කාර්ය බලකා විශේෂ යතුරුපැදි කණ්ඩායම විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වෙඩික්කරු ඇරැව්වල සමගි මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර යුද හමුදා මුලස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන 38 හැවිරිදි අයෙක්.

මොහු යුද හමුදා වි⁣ශේෂ බලකායේ රාජකාරි කර දැනට විජයබා රෙජිමේන්තුවේ සේවය කරන ලබන අතර, නිවාඩු ලබා පැමිණ සිටියදී මෙම අපරාධයට ගමන් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

යතුරුපැදිය පදවා ඇත්තේ බලපිටිය මෝදරවත්ත පාර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.

සැකකරුවන් පැමිණි කළු පැහැති පල්සර් වර්ගයේ යතුරුපැදිය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් පැමිණි යතුරු පැදිය BAC 3280 යන අංකය සහිත ව්‍යාජ අංක තහඩුවක් සවිකර අපරාධය සදහා පැමිණ ඇති අතර, පැදියේ නිවැරදි අංකය BBW 8164 වන බවටයි විමර්ශන නිලධාරීන් මේවන විට අනාවරණය කරගෙන ඇත්තේ.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී නැමැති අයගේ මෙහෙයවීම මත වෙඩි තැබීමට සැකකරුවන් පැමිණ ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
5
+1
1
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34