හමුදාපතිගේ විශේෂ ඉල්ලීම

හුස්ම ගැනීමේ සංකූලතා සහ කොවිඩ් -19 රෝග ලක්ෂණ ඇති බවට සැකකෙ‍රෙන අවුරුදු 55 ට වැඩි අය වහාම වෛද්‍යවරයෙකු හමුවීමට හෝ ළඟම ඇති රෝහලකට යන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටී.

තවද මෙම දින කිහිපයේ දී අත්‍යාවශ්‍ය ඖෂධ සහ ආහාර පාන ආදිය නිවෙස් තුළ එක් රැස් කරගන්නා ලෙස කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජාතික පුවත් පතක් වෙත පවසා තිබෙනවා.

සතියකට ආසන්න කාලයක් රට තුළ සංචරණ සීමා පැනවීමට නියමිත බවත්, ඒ පිළිබඳ කල් තියා දැනුම් දෙන්නේ ද ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ එක්රැස් කරගැනීමට බවත් ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මෙම සංචරණ සීමාවන් හෙට (21) රාත්‍රී 11.00 සිට අඟහරුවාදා (25) අළුයම 4.00 දක්වා පැනවෙන අතර යළි එදින, එනම් අඟහරුවාදා (25) රාත්‍රී 11.00 සිට සිකුරාදා (28) අළුයම 4.00 දක්වා ද පැනවීමට නියමිතව තිබෙනවා.

එම සීමා මුලු දිවයිනටම ක්‍රියාත්මක යි.

මැයි 22, 23, 24 දිනවල පූර්ණ වශයෙන් දිවයින තුළ සංචරණ සීමා ක්‍රියාත්මකවන අතර මැයි 25 වැනි දින පැය 19ක කාලයක් සඳහා පමණක් එය ලිහිල් කෙරෙනවා.

සංචරණ සීමා පනවා ඇති කාලය තුළ කිසි කෙනෙකු මංමාවත්වල ගමන් ගැනීම නොකළ යුතුවනවා මෙන්ම නිවෙස් තුළට පිටස්තරයින් රැස්කර ගැනීම ද තහනම් බව යුදහමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10