හමාස් ප්‍රාණ ඇපයේ සිටින පුද්ගලයින් ඉදිරි දිනවල නිදහස් කරනු ඇතැයි ඊශ්‍රායල අගමැති කියයි

ගාසා තීරයේ රඳවා සිටින සියලු ප්‍රාණ ඇපකරුවන් ඉදිරි දිනවල නිදහස් කරනු ඇතැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

“හමාස් නිරායුධ කරනු ලබන අතර ගාසා තීරය හමුදාකරණයෙන් ඉවත් කරනු ලබනවා. එය පහසු ක්‍රමය හෝ දුෂ්කර ක්‍රමය, නමුත් එය සාක්ෂාත් කර ගනු ඇති.” යනුවෙන් එරට රූපවාහිනීයේ විශේෂ ප්‍රකාශයක් කරමින් නෙතන්යාහු සඳහන් කළා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ සාම සැලැස්මේ ඇතැම් කරුණුවලට හමාස් සංවිධානය සිය එකඟතාව පළකිරීමත් සමඟයි නෙතන්යාහු මේ බව පැවසුවේ.

ඒ, අනුව සටන් විරාම සාකච්ඡා ඊජිප්තුවේ දී හෙට (06) ආරම්භ වීමට නියමිත අතර, ගාසා සාම සැලැස්මේ තාක්ෂණික කරුණු සාකච්ඡා කිරීමට ඊශ්‍රායල කණ්ඩායමක් ඊජිප්තුවට පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර ගිවිසුමේ කොන්දේසිවලට අනුව හමාස් සංවිධානය නිරායුධ වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට එකඟ වූ නමුත් නිරායුධකරණය සම්බන්ධයෙන් හමාස් සංවිධානය කිසිවක් සඳහන් කර නැහැ.

කරුණු 20 ක ගිවිසුම මඟින් සටන් වහාම අවසන් කිරීම සහ හමාස් විසින් රඳවාගෙන සිටින ජීවමාන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු මෙන්ම මියගිය බවට සැලකෙන අයගේ දේහයන් සහ සිය ගණනක් රඳවාගෙන සිටින ගාසා වැසියන් නිදහස් කිරීම යෝජනා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34