හමාස් ප්‍රාණ ඇපයේ සිටින පුද්ගලයින් ඉදිරි දිනවල නිදහස් කරනු ඇතැයි ඊශ්‍රායල අගමැති කියයි

ගාසා තීරයේ රඳවා සිටින සියලු ප්‍රාණ ඇපකරුවන් ඉදිරි දිනවල නිදහස් කරනු ඇතැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

“හමාස් නිරායුධ කරනු ලබන අතර ගාසා තීරය හමුදාකරණයෙන් ඉවත් කරනු ලබනවා. එය පහසු ක්‍රමය හෝ දුෂ්කර ක්‍රමය, නමුත් එය සාක්ෂාත් කර ගනු ඇති.” යනුවෙන් එරට රූපවාහිනීයේ විශේෂ ප්‍රකාශයක් කරමින් නෙතන්යාහු සඳහන් කළා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ සාම සැලැස්මේ ඇතැම් කරුණුවලට හමාස් සංවිධානය සිය එකඟතාව පළකිරීමත් සමඟයි නෙතන්යාහු මේ බව පැවසුවේ.

ඒ, අනුව සටන් විරාම සාකච්ඡා ඊජිප්තුවේ දී හෙට (06) ආරම්භ වීමට නියමිත අතර, ගාසා සාම සැලැස්මේ තාක්ෂණික කරුණු සාකච්ඡා කිරීමට ඊශ්‍රායල කණ්ඩායමක් ඊජිප්තුවට පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර ගිවිසුමේ කොන්දේසිවලට අනුව හමාස් සංවිධානය නිරායුධ වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට එකඟ වූ නමුත් නිරායුධකරණය සම්බන්ධයෙන් හමාස් සංවිධානය කිසිවක් සඳහන් කර නැහැ.

කරුණු 20 ක ගිවිසුම මඟින් සටන් වහාම අවසන් කිරීම සහ හමාස් විසින් රඳවාගෙන සිටින ජීවමාන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු මෙන්ම මියගිය බවට සැලකෙන අයගේ දේහයන් සහ සිය ගණනක් රඳවාගෙන සිටින ගාසා වැසියන් නිදහස් කිරීම යෝජනා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි පාරිභෝගිකයින්ගේ මානව අයිතිය ආණ්ඩුව අමුවේ අමුවේම උල්ලංඝනය කරනවා
03:47
Video thumbnail
මතුගම දැඩි උණුසුමක්..ජගත් පොලිසියට එද්දි මාලිමාවට සත්තමක්.."බුදු අම්මෝ..මම යන්නේ මාලිමා පොලිසියට "
04:27
Video thumbnail
විදුලි ගාස්තු නිසා අසේල ලෙසටම ෆයර්වෙයි..මොන මඟුලක්ද ඕක..අපිවමනේ ම#න් කන්න හදන්නේ..පුදුම වැඩක්නේ මේක
04:16
Video thumbnail
හඳුන්වා දුන් නව මොඩියුලර් ක්‍රමය ගැන අගමැති කිව්ව දේ..
05:43
Video thumbnail
මෙන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කරපු හපන්කම්වල ප්‍රතිඵල..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
03:24
Video thumbnail
ආණ්ඩුව ආණ්ඩුවේ කකුලෙන්ම ඇදගන්නවා..නාමල් ඉවසන් හිටියට, පාලමෙන් එහා පැත්තේ අයගේ ඉවසීම අඩුයි
05:33
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53


?