AFC Banner
Empty Ad
Empty Ad

හම්බන්තොට වාරයට ආ නැවකින් තෙල් කාන්දුවක්

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නෞකාවකින් තෙල් කාන්දුවක් සිදුව තිබෙනවා.

එම වරායට පැමිණි වානිජ නෞකාවකට ඉන්ධන සපයමින් සිටියදී මෙම කාන්දුව සිදුව ඇති බව යි වාර්තා වන්නේ.

ඊයේ පස්වරු 6.00ට පමණ මෙම තෙල් කාන්දුව සිදුව ඇති බව සඳහන්.

සාගරයේ විශාල වපසරියක තෙල් විසිරීමක් සිදුව ඇති ආකාරය ගුවනේ සිට බැලූ විට පෙනෙන්නට ඇති බව පැවසෙනවා.

හම්බන්තොට වරාය සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවික්‍රම මහතා සඳහන් කර ඇත්තේ කාන්දු වූ තෙල් කඩිනමින් ඉවත් කිරීමට කටයුතු යොදන බව යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?