AFC Banner
Empty Ad
Empty Ad

හබරාදූවේ වෙඩි තැබීමක් (වීඩියෝ)

හබරාදූව පොලිස් වසමේ දික්කුඹුර මාර්ගයේ හරුමල්ගොඩ ප්‍රදේශයේ දී ඊයේ (28) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

වෙඩික්කරුවන් විසින් පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඇති අතර, ඉන් එක් පුද්ගලයෙක් වෙඩි වැදීමෙන් තුවාල ලබා තිබෙනවා.

අනෙක් පුද්ගලයා බේරී පළාගොස් ඇති අතර, අනතුරුව තුවාල ලැබූ පුද්ගලයා අසළ තිබූ ත්‍රිරෝද රථයකට නැඟීමට උත්සාහ කිරීමේ දී වෙඩික්කරුවන් ත්‍රිරෝද රථය දෙසට වෙඩි තබා ඇති බව වාර්තා වුණේ.

එහිදී ත්‍රිරෝද රථයේ රියදුරු ද වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 34 සහ 54 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක්.

තුවාලකරුවන් දෙදෙනා මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?