හඳුන්කූරු විකුණන මුවාවෙන් අයිස් විකුණලා – අයිස් කිලෝ 03ක් ජාවාරම්කරුගේ නිවසේ

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03ක් සමඟ ජාවාරම්කරුවෙක් පුත්තලම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම, මුල්ලිපුරම් ප්‍රදේශයේ දී අද (09) දහවල් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු මුල්ලිපුරම් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්.

සැකකරු හදුන්කූරු අලෙවිකරන මුවාවෙන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ගොස් ඇති බවයි පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඔහු පදිංචිව සිටින නිවසේ සඟවා තිබියදී මෙම අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

සැකකරුව රැදවුම් නියෝග මත රදවාඟෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?