හදිසියේම මිය ගිය ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩකයා

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රමුඛ ක්‍රීඩකයෙක් හදිසියේ මියගොස් තිබේ.

ඩක්සන් පක්ලාස් මාලදිවයිනේදී මියගොස් ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කළේය.

31 හැවිරිදි ඩක්සන් මාලදිවයිනේ පාපන්දු සමාජයකට ක්‍රීඩා කළ අතර ඔහුගේ මරණය ට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.