AFC Banner
Empty Ad
Empty Ad

හදිස්සියේ වී ගබඩා 8කට සිදුකල දේ

නීතිවිරෝධීව පවත්වාගෙන ගිය සහ ලියාපදිංචි නොකළ වී ගබඩා සොයා සිදුකළ වැටලීම්වලදී වී ගබඩා 8කට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් අද (05) මුද්‍රා තැබුවා. මෙලෙස වවුනියාව ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ වී ගබඩා 3ක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරියේ අද කටයුතු කළේය. එම ගබඩාවල තිබී වී මෙට්‍රික් ටොන් 145 ක් සොයාගෙන තිබුණි.

පාරිභෝගික සේවා අධිකාරිය සහ කැකිරාව පොලීසිය එක්ව මරදන්කඩවල අවට වී මෝල් ගබඩා පරීක්ෂාවට ලක්කළ අතර එහි දී ලියාපදිංචි නොකළ වී ගබඩා 5කට මුද්‍රා තබා තිබේ. එහිදී සොයාගත් වී ප්‍රමාණය කිලෝග්‍රෑම් ලක්ෂ 2කට ආසන්න බව සඳහන්ය. මරදන්කඩවල ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ වී ගබඩාවක් ද අද පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැටලීමෙන් පසුව මුද්‍රා තබා ඇත. මේ අතර, ගබඩාවල රඳවා තැබූ සීනි තොග පාලන මිල ගණන් යටතේ වෙළෙඳපොළට නිකුත් කිරීම අද දිනයේත් සිදු කෙරුණි. පාරිභෝගික කටයුතු අධිකාරිය ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සීනිවලට මෙන්ම සහල් සඳහා ද පාලන මිලක් නියම කළේය. ඒ අනුව පාලන මිලට සීනි සහ සහල් අලෙවිය මේ වනවිට සිදුවන්නේ දැයි අප අදත් සොයාබැලීය.  

පාලන මිල ගණන් යටතේ සතොස මේ වනවිට සීනි අලෙවි කරමින් සිටී. කෙසේවෙතත් එම ස්ථානවල අදත් සීනි මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් පැවැතුණි. පාරිභෝගික කටයුතු අධිකාරියට ලද තොරතුරක් මත පසුගියදා කුණ්ඩසාලේ ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ සීනි ගබඩාවක් ද වටලනු ලැබීය.

පසුව ඊට මුද්‍රා තැබුණු අතර එහි සීනි මෙට්‍රික් ටොන් 300 ක් පමණ ගබඩා කර තිබුණි. අද එම සීනි තොග රජයේ අනුමත පාලන තොග මිලට ආනයනකරු විසින් මධ්‍යම පළාත් සමුපාකාර වෙත අලෙවි කිරීමට පියවර ගෙන ඇත. ඒ පාරිභෝගික කටයුතු අධිකාරියේ එකඟතාව මතය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?