AFC Banner
AFC Banner
Empty Ad

හජ් වන්දනාවේ ගිය මවුලවිවරයෙක් සහ කාන්තාවක් මෙරට දී අත්අඩංගුවට

මක්කම වන්දනාවේ ගොස් මෙරටට යළි පැමිණෙමින් සිටි මවුලවිවරයෙකු සහ ඔවුන් සමග වන්දනාවේ නිරත වූ තවත් කාන්තාවක් හොර රහසේ ගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ස්වර්ණාභරණ තොගය සෞදි අරාබියේ සිට නීතිවිරෝධී ව මෙරටට ගෙනැවිත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් කර හැරීමටයි මෙම සැකකරුවන් උත්සාහ දරා ඇත්තේ.

මෙලෙස ගෙන ආ ස්වර්ණාභරණවල වටිනාකම රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් බවත් වාර්තා වනවා.

කටුනායක ගුවන් තොටුපොළ සේවා පරිශ්‍රයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් විසිනුයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

සැකකරුවන් මඩකලපුව – කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අත් අඩංගුවට ගත් සැකකාර මවුලවිවරයා 44 හැවිරිදි අයෙක්.

අනෙක් කාන්තාව 49 හැවිරිදි බවයි වාර්තා වන්නේ.

ඊයේ පස්වරු 02.56 ට ඉටිහාඩ් ගුවන් සේවයේ EY- 390 දරන ගුවන් යානයෙන් සෞදි අරාබියේ සිට මොවුන් මෙරටට පැමිණ තිබෙනවා.

ඔවුන් ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමා කර කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යාම සඳහා පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියදී ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මොවුන් අත්අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.

ඔවුන් සිය ගමන් මළු තුළ සඟවා ගෙන තිබූ ග්‍රෑම් 859ක් බරැති කැරට් 24ක් සහ කැරට් 22 ක් බර මාල, වළලු, මුදු, කරාබු ඇතුළු ස්වර්ණාභරණ තොගයක් ද සොයා ගෙන තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොවුන් දෙදෙනා සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ස්වර්ණාභරණ තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගැනුණා.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් ස්ථානය මගින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
7
+1
54
+1
9
+1
4
+1
6
+1
7
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?