හජ් උත්සවය අදයි

ඉස්ලාම් භක්තිකයින්ගේ අතිශය වැදගත් ආගමික උත්සවයක් වන හජ් උත්සවය අදට (10) යෙදී තිබෙනවා.

නබි නායකතුමන්ගේ ඉගැන්වීමට අනුව ‘සමඟියෙන් එක්රැස් වෙමින්’ ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සමරනු ලබනවා.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව දෙවන ආගමික නිවාඩුව ලෙස සැලකෙන්නේ හජ් උත්සවය වන අතර එය ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන උත්සවයක්.

බොහෝ බැතිමතුන් හජ් උත්සවය සමරනු ලබන්නේ මක්කම වන්දනාවේ නිරත වීමෙන් වන අතර එය සැළකෙන්නේ සෑම වසරකදීම ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් වැඩිම පිරිසක් ඒකරාශීවීම ලෙසයි.

මේ අතර හජ් උත්සවය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් දිවයින පුරා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?