හංවැල්ලේ පාසලක සිසුවෙකුට පහර දුන් නැටුම් ගුරුවරාට වැඩ වරදී

ජාතික ගීය හඬ නඟා ගායනා නොකිරීම සම්බන්ධයෙන් උරණ වී සිසුවකුට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයකුට එරෙහිව හංවැල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

හංවැල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 9 වන ශ්‍රේණියේ සිසුවෙකුයි මෙලෙස පහරකෑමට ලක්ව තිබෙන්නේ.

එම සිසුවා සාලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ