සෞඛ්‍ය සේවකයන් ඇඟිලි සලකුණු තබා සේවයට නොපැමිණෙන හේතුව?

බංකලොත් බව ප්‍රකාශ කරමින්, අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් වැඩිපුර ගෙවූ මුදල් නැවත ගෙවීම ප්‍රතික්ෂේප කළ අමු අහාර සැපයුම්කරුවෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේම තවත් ආයතනයක සැපයුම්කරුවක් ලෙස කටයුතු කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත්කළ අනුකාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

ප්‍රසම්පාදන කමිටුවේ තීරණය නියමිත පරිදි ගිවිසුම් කොන්දේසිවලට ඇතුළත් නොකිරීම නිසා අදාළ සැපයුම්කරුගෙන් එම හිඟ මුදල් ලබා ගැනීම ගැටලුකාරී වී ඇති බවයි විගණන නිලධාරීන් සඳහන් කළේ. කෙසේ වෙතත් බංකලොත් බව ප්‍රකශ කළ සැපයුම්කරුවෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශයේම වෙනත් ආයතනයක සැපයුම්කරුවෙක් ලෙස කටයුතු කිරීමට ඉඩ ලබාදී ඇත්තේ කෙසේද යන්න සභාපතිවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා.

තවදුරටත් අදාළ හිඟ මුදල් නොගෙවූ සැපයුම්කරුවන් ආරක්ෂා නොකර ඔවුන්ගෙන් අයවිය යුතු හිඟ මුදල් කඩිනම් අයකර ගැනීමට නිසි වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස අනු කාරක සභාව සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ රෝහල් කළමනාකරණය හා කාර්ය මණ්ඩල කළමනාකරණ පිළිබඳ ඉතිරි විගණන ජේද පිළිබඳ පරික්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩගේ සභාපතිත්වයෙන් මෙම අනු කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

සියලුම රජයේ ආයතන, ඇඟිලි සලකුණු යන්ත්‍ර ඔස්සේ කාර්ය මණ්ඩල පැමිණීම හා පිටවීම සනාථ කරන ලෙස 2017 වසරේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 31.08ක් වැය කරමින් ස්ථාපිත කර තිබුණු ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රීය මට්ටමේ පැවතීම පිළිබඳව අනුකාරක සභාව ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී සෞඛ්‍ය සේවකයන් ඇඟිලි සලකුණු තබා සේවයට පැමිණීම ප්‍රතික්‍ෂේප කරනුයේ කුමන හේතුවක් මතද යන්න සභාපතිවරයා විමසා සිටියා. ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කළේ සේවකයින්ගේ විරුද්ධත්වය හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන අතර නුදුරේදීම සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය තුළ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවයි. පොදු ක්‍රමවේදයක් ඔස්සේ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා දුෂණවලින් තොර සේවාවක් බවට පත්කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් සෞඛ්‍ය සේවයද එක්විය යුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතන සතු ඉඩම්වල හිමිකම් ඔප්පු, මිනින්දෝරු සැලසුම්, තක්සේරු කිරීම්වල ගැටලු පිළිබඳව මෙන්ම අතර මග නවතා දමා ඇති ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධයෙන් ද අනුකාරක සභාව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනු ලැබුවා. එහිදී සූදානමකින් තොරව අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා අනු කාරක සභාව හමුවේ පෙනීසිටි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට අනු කාරක සභාවේ දැඩි අප්‍රසාදය හිමිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53