සෞඛ්‍ය වර්ජනය ඇරඹේ – තැපෑලත් තවම වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය අද (18) උදෑසන 7.00 සිට දිවයින පුරා සියලු රෝහල්වල සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා.

අයවැය මඟින් රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව ඔවුන් මෙම පැය 24ක වැඩවර්ජනය ආරම්භ කළේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ඊයේ (17) පැවති සාකච්ඡා අසර්ථක වීමත් සමඟයි.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 07ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් මෙම වැඩවර්ජනය සඳහා එක්ව සිටිනවා.

කෙසේ වෙතත් වැඩ වර්ජනය සිදුකරන කාලය තුළ සියලුම හදිසි සහ අත්‍යවශ්‍ය සේවා සපයන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේ.

එමෙන්ම ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල් සහ වකුගඩු රෝහල්වල හෙට දිනයේ දී මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද ඔවුන් සඳහන් කර සිටියා.

මේ අතර තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (18) දිනයේත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති මෙලෙස පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?