Indian Premier League

සෞඛ්‍ය ලේකම්ගේ නම විකුණා සල්ලි ගැරූ දෙදෙනෙක් රිමාන්ඩ්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ නම භාවිත කරමින් ඊසි කෑෂ් හරහා වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයින් දෙදෙනෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන අංශය විසින් එම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අද (14) පස්වරුවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාලගේ නම භාවිත කර දුරකථන ඇමතුම් හරහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්, නීතිඥයන්ගෙන්, එම සැකකරුවන් දෙදෙනා මුදල් ලබාගෙන තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම ලංකා ගමනා ගමන මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකුගෙන් ද සැකකරුවන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළිව ඇති බව ද එම නිළධාරීන් සඳහන් කළා.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු හිටපු කමාන්ඩෝ භටයෙක් වන අතර, ඔහු වසර 40 ක් බන්ධනාගාරගතව පොදු සමාව යටතේ නිදහස ලැබු අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?