AFC Banner
Empty Ad
Empty Ad

සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය චෝදනා ඔප්පු කරන්න බැරි හුදු විවේචනයක් පමණයි – අගමැති

සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය, රජය එකඟවෙලා තිබියදීත්, මාස දෙකක් තිස්සේ විපක්ෂයට ගෙන්න බැරිවූ ,චෝදනා ඔප්පු කරන්න බැරි හුදු විවේචනයක් පමණක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගයේ විවාදයේ දී අද (08) දිනයේ අදහස් දක්වමින්.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,

ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
පාර්ලිමේන්තුව දින තුනකට විවාද කරමින් පවතින්නේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා පාර්ලිමේන්තුවට ලැබිලා තිබෙන බලයක් පිළිබඳ කරුණු ද කියාපාමින්. පළවෙනියෙන් මම කියන්න කැමැතියි විරුද්ධ පක්ෂය මාස දෙකකට වැඩි කාලයක් අපේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාට එරෙහි මේ ඉදිරිපත් කරපු විශ්වාසභංග යෝජනාව රජය එකඟ වෙලා තිබෙද්දිත් ඉක්මණින්ම ගන්න, එසේ කිරීමට අපොහොසත් වී මාස දෙකක කාලයක් තමන්ට විශ්වාසභංග යෝජනාව දීලා කල් ගියා. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ විරුද්ධ පක්ෂයක් මාස දෙකක් තිස්සේ තමන්ට ඉදිරිපත් කරපු කරුණු සනාථ කරන්න බැරි බව ඔප්පු කරමින් මාස දෙකක් ගත කිරීමෙන් සිදු කළේ කුමක් ද? අපි විශ්වාස කරනවා ඔවුන්ගේ එකම අභිප්‍රාය වී තිබෙන්නේ, දැනට මතුවී තිබෙන යම් යම් ප්‍රශ්නයන් මුල් කරගෙන මහජනතාව යොමු නොමඟ යැවීම සඳහා වූ තමන්ගේ දේශපාලන ප්‍රචාරය සඳහා කාලය පාවිච්චි කිරීමයි. නැත්නම් යම්කිසි කෙටුම්පතක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ එහි බලය පාවිච්චි කරලා අදාල ඇමතිවරයාට එරෙහිව තියෙන කරුණු බලවත් නම්, ඔහු ඉවත් කරගැනීමේ අභිප්‍රාය. එහෙම ශක්තියක් විරුද්ධ පක්ෂයට නැහැ. ප්‍රචාරක ආයුදයක් පමණයි මේ පාවිච්චි කරලා තිබෙන්නේ.

පසුගිය දවස් දෙක සහ අද දිනයේ කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාට එරෙහි ඉදිරිපත් කරන ලද මේ විශ්වාසභංග යෝජනාව දිහා බලන කොට මෙහි සඳහන් කිසිම කරුණක් සනාථ කරන්න තොරතුරු පාර්ලිමේන්තු සභා ගර්භයට ඉදිරිපත් කළේ නැහැ. වාචිකව එවැනි වචන සම්භාරයක් ප්‍රකාශ කරලා පමණයි. කිසිම චෝදනාවක් මේ සනාථ කරන්න බැරිවුණු විශ්වාසභංග යෝජනාවක් හැටියටයි අද විපක්ෂයේ යළිත් උත්සාහ දරන්නේ කාලය තමන්ගේ ප්‍රචාරක වාසිය බවට පරිවර්තනය කිරීමේ සුපුරුදු ක්‍රියාමාර්ගයට අනුගමනය කරන්නට.

ඒ, නිසා අපි මේ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් බොහෝ මන්ත්‍රීවරු යම් යම් ගැඹුරු කරුණු ඉදිරිපත් කළා අද තිබෙන තත්වය මත. ඒ කරුණු ගැන ගරු අමාත්‍යතුමාගේ අවධානය අනිවාරයෙන් යොමු කිරීම සිදු වෙනවා ඇති. සිදු වෙලා තිබෙනවා. සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.

ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් කියන්නේ එක දිනයේ සැකසෙන හෝ එකකින් පමණක් නිගමනය කළ හැකි දෙයක් නොවේ, එක දිනකින් සම්පූර්ණ ප්‍රතිපත්තිය දිහා බලන්න බැහැ. ජෝන් හොප්කින්ස් යුනිවර්සිටි, එක්සත් ජලපද ඇමරිකාවේ 1930 ගණන්වල, අපේ හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමත් ඉන්නවා. ඉදිරිපත් කරපු මූලික වාර්තාව පදනම් කරගෙන එදා සිට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් පසුවද පාර්ලිමේන්තුව හරහා ස්ථාවර සෞඛ්‍ය ප්‍රතිපත්තියකට අපේ නිදහස් සෞඛ්‍ය සේවයට වඩා වඩාත්ම බර සෞඛ්‍ය ප්‍රතිපත්තියකට රට ගමන් කළා. නමුත් හදිසියේ විටින් විට ඇති වන බරපතළ තත්ත්වයන් තුළ ඇතිවන අර්බුදයන් තුළ අපට විවිධ තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ බව විරුද්ධ පක්ෂය නොපිළිගෙන තමයි මේ යෝජනාව ඉදිරිපත් කරනනේ.

මම කැමැතියි විරුද්ධ පක්ෂයට මේ මෑතදී පවත්වන්න ලද විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කථිකාචාර්යවරයෙක් වන මේ පිළිබඳ අත්දැකීම් සම්භාරයකින් යුත් ඉදිරිපත් කරන කරුණු එකක් දෙකක් පමණක් කියන්න.

All the public having access to the full range of quality health services they need, when and where they need them, without financial hardship, is what Universal Health Coverage is all about.

දැන් අපි මුහුණ දෙන ලංකා ඉතිහාසයේ නොවූ විරූ ආර්ථික අර්බුදයක් හා කඩාවැටීමක් ගැන, දෙපාර්ශ්වයම එයට එකඟ වෙනවා. හේතු වෙනස් වෙන්න පුළුවන් කියන, විග්‍රහ කරන. නමුත් අපි දන්නවා මහා ආර්ථික අර්බුදයකට මුහුණදී දී තිබෙනවා. මාරාන්තික අර්බුදයකදී සංකීර්ණ වාතාවරණයක් මතුවෙනවා. රෝග වැලැක්වීමට තිබෙන ගැටළු, රෝග නිවාරණයට තිබෙන ගැටළු, ඒ වගේම සෞඛ්‍ය සේවය නඩත්තු කරගෙන යාමේ අභියෝග තමයි මතිබෙන ගැටළු. එය මූල්‍යමය පමණක් වන්නේ නැහැ. ඒ මූල්‍යමය ක්ෂේත්‍රයෙන් වඩාත් ගමන් පළල් වූ ක්ෂේත්‍රයකට ගමන් කරන බව Prof A Pathmeswaran tackled under the theme Universal Health Reality at the 28th Annual Academic Sessions of 2023 the on the last week College of Community Physicians of Sri Lanka. The essential health services, from health promotion prevention, treatment, rehabilitation, palliative care across the life course, he said that “we obviously have some way to go reach the UHC.

දැන් අපේ ගරු මන්ත්‍රීතුමන්ලා මේ අපි ගමන් කරපු අමාරු තත්ත්වයෙන් ගොඩ එන අවස්ථාවකදී මූල්‍යමය හිඟතාවයනේ සෞඛ්‍ය සේවයටත් තිබුණා. පොදුවේ තීරණයක් තිබුණා අලුත් සෞඛ්‍ය සේවකයන් බඳවා ගන්නේ නැහැ කියලා. තීරණයක් තිබුණා කිසිම ඉදි කිරිම් කරන්නේ නෑ. පොදුවේ තිබුණා සෞඛ්‍ය සේවයේ හදිසි අවස්ථා හැර අනිත් සාමාන්‍යයෙන් සිදු කරන අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම හිමින් කරලා තිබෙනවා. මේ යථාර්තයෙන් තමයි අපේ අයවැය ලේඛනය සම්මත කළේ. ඒ නිසා ඒ, අඩුපාඩුවලින් තොරව ගරු ඇමතිතුමාට පුළුවන්කම ඇති වුණා, මේ ක්‍රියාමාර්ග සාර්ථක කරන්න.

තවත් එකක් මහාචාර්යතුමා සඳහන් කරනවා, Prof. Pathmeswaran suggested that spending of the health budget more efficiently; the collection of appropriate and quality data and also their use to the maximum; and the right to distribution of facilities- beds and manpower doctors, nurses along with the right skill mix. If it is possible to build and equip hospitals in that manner almost anywhere, but sending trained staff to difficult areas is not easy thing he mentioned. The skill mix he refers and he goes on.

මං මේ කාරණය කිව්වේ අපි දේශපාලන වශයෙන් නෙමෙයි අපේ රටේ සෞඛ්‍ය සේවය ගොඩනගන්නේ, අමාත්‍යවරයා භාරයේ තිබෙන්නේ විශාලතම සේවා පද්ධතියක්. රටක ජනතාවගේ නිරෝගිබාවය එය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවරවල්, පරිසරය, සමාජ කඩාවැටීම්, සමාජ ආර්ථික අර්බුදයන් ඒ නිසා ඇතිවන ආහාර අර්බුදයන් ඒ වගේ තත්ත්වයන් රාශියක් හරහා රටේ හිස ඔසවමින් තිබෙන වෙලාවක්. එවැනි වෙලාවක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ මේ වැරදි කරුණු මත කියන ටික සඳහන් කරන්න ඕනේ.

ඒ, වගේම මම හිතනවා අපි අපේ රටේ අනාගතය ගැන මෙයින් පමණක් නොව වේලාව නොමැති නිසා කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.

The way to achieve health fall. The public health service in Sri Lanka must agree on essential service fall without financial hardships. With expert seeking participations of a well-informed public.

ඉතින් ගරු නියෝජ්‍ය කතානායකුතිමනි,

මේ විශ්වාසභංග යෝජනාවේ ඉදිරිපත් කරලා තිබෙන කරුණු කිසිවක් ගැන, ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සඳහන් කරනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ වගන්ති ගැන සඳහන් කරනවා. එසේ නොමැතිව සනාථ කරන්න කිසිදු කාරණාවක් හරියාකාරව ඉදිරිපත් නොකර එහින් මෙයින් දෙන කොටස් පිළිබඳ චෝදනාවල් කිරීම පමණයි සිදු වන්නේ.

ඇමතිතුමා යටතේ තිබෙනවා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය. දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ මුහුණ දෙන ප්‍රශ්නයන් තුළින් අපේ දේශීය වෛද්‍ය ක්‍රමය එලෙස ආරක්ෂා කරන්න හා එයින් ලබාදිය හැකි සේවාව අපේ බරපතළ අර්බුද වෙලාවෙත් අමාත්‍යතුමාගේ යටතේ, ඒ වගේම දේශීය වෛද්‍ය ඇමැතිතුමා යටතේත් ඉටු කරා.අපේ රාජ්‍ය අමාත්‍යතුමිය යටතේ ඉටුවන කාර්යභාරය. ඒ නිසා සුවිශේෂ කාර්යභාරය රාශියක්. එයට අතිරේකව පළාත් සභා. පළාත් සභා නවයක ගනුදෙනු කිරීම. මේකට මම දීර්ඝකාලීනව අපේ වෛද්‍ය ක්ෂේත්‍රයේ GMOA එක තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න සම්පූර්ණයෙන් බලතල පළාත් සභාවට පැවරීමට රුකුල් දුන්නේ නෑ. ඒ නිසා යම්කිසි සේවාවක් ගුණාත්මකභාවය ආරක්ෂා කරගන්නට හැකියාව පිළිබඳව වාදයක් පවතිනවා පළාත් සභාව හා මධ්‍යම රජය සමඟ. මා එය සදහන් කරන්නට ඕනේ. මම එක උදාහරණයක් නියෝජ්‍ය කථානායකතුමනි සඳහන් කරලා මම මගේ වචන ස්වල්පය නවත්තන්නම්.

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා පසුගිය දවස්වල, තිබුණු මෙහි සඳහන් යම් කරුණු සනාථ නොකරන ලද බොහෝ දේට අපි ඉඩ දුන්නා මේ කාල පරිච්ඡේදයේ. රාජ්‍ය සේවයේ අයට විශේෂඥ දැනුම ඇති අයට රටින් ගමන් කර පිටරට ගමන් කළා, සේවය සඳහා විදේශ විනිමය රටට ගන්න. එවැනි කොන්දේසි මත. ඒ අනුව යම් යම් වෛද්‍යවරු පිටරට කරා ගමන් කරලා තිබෙනවා. තමන්ගේ පශ්චාත් හා පර්යේෂණ කටයුතු කරන්නට ගමන් කරපු අයගේ යුතුකමක් තිබෙනවා යළි පැමිණ තම රටවැසියාට සේවය කරන්න. එසේ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

පසුගිය දවස්වල මේ අය එක කරපු සාකච්ඡා වලට මමද සහභාගි වුණා. කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා අපි එකඟතාවයකට ඒ එය එක්ක පැමිණියා. ඒ විශ්‍රාම කාලය දික් කර දෙන්න, ඔවුන්ගේ සම්පූර්ණ ඉල්ලීම මාලාව. ඉතින් ඉල්ලීම්වලට සවන් දෙන්නෙ නෑ කියන චෝදනාව පදනම් විරහිතයි. ඒ අවස්ථාවේදී අපේ රටේ ග්‍රාමීය සෞඛ්‍ය සේවය පදනම් වෙලා තියෙන ග්‍රාමීය සෞඛ්‍ය සේවය බොහෝ තැන්වල ඉන්නෙ AMPS(පරිපුරක හා ලියාපදිංචි වෛද්‍ය) වතුවල ඉන්නේ AMPA වරු. මේ අයගේ කාරණාව ඉදිරිපත් කරා ඒ අය අනිත් අයට ලබා දෙනවා නම් අපටත් ඒ හා සමාන අයිතිවාසිකම දිගු කරලා දෙන්න කියලා. අපි මැදිහත් වුණා. අමාතයාංශය මැදිහත් වුණා. අපි අමාත්‍ය මණ්ඩලයක් හරියට මැදිහත් වුණා, ඒ අයට සමසේ සැලකිල්ලට ගමන් කරා. ඉතිං විශේෂඥ විවේචනයන් මේ කාලපරිච්ඡේදය කිරීම සාධාරණයි.

මොකද අපේ ගබඩා කිරීම්, අපේ බෙදාහැරීම් සහ දෙපාර්තමේන්තුවල සිටින යම් යම් හරියාකාර ඒ අංශ භාර අයට ක්‍රියා කරන්න තිබෙන දත්ත හා තොරතුරු නිවැරදි භාවයකින් තොරව කටයුතු කිරීම නිසා හිඩස පවතිනවා. එහි හිඩැස සඳහා පුද්ගලිකව මැදිහත් වන අංශ ප්‍රධානීන් විසින් ඇතිකරන ප්‍රමාදයන් ද මෙයට බලපා තිබෙන තත්ත්වයන් ගරු ඇමතිතුමා කෙරෙහි හෝ ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා කෙරෙහි පමණක් පැවරීම මම හිතන්නේ නැහැ, මෙවැනි අර්බුද කාලයකදී අප මේ ගැන දැක්විය යුතු ජාතික වශයෙන් හා ගුණාත්මක භාවයකින් යුතු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට බැඳී සිටින පාර්ලිමේන්තුව, ඒ ක්‍රියාමාර්ගය මෙලෙස ඉදිරිපත් කරන යෝජනාවකින් හමාර කරන්නට පුළුවන් වෙයි කියලා.

එසේ සදහන් කරමින් ඇමතිතුමා දන්නවා, පාර්ලිමේන්තුව දන්නවා, අමාත්‍ය මණ්ඩලය දන්නවා, පළාත් සභාවේ රෝහල් තිබෙනවා, සමහර රෝහල් අමාත්‍ය මණ්ඩලය උසස් කරන කියලා යෝජනා කරනවා. මගේ හිතමිත්‍ර ජී.එල්. පීරිස් මැතිතුමා දන්නවා පසුගිය කාලේ ඔබ ,අපි ඉන්න එකම අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කරලා ගම්පහ රෝහල ජාතික රෝහලක් කරන්න කියලා, අවිස්සාවේල්ල රෝහල ජාතික රෝහලක් කරන්න කියලා, ඒ වගේම කිලිනොච්චි රෝහල ජාතික රෝහලක් ඇමතිතුමා මේකට එකඟ වුණා. නමුත් එයට අනුමැතිය ඕනේ ඔබතුමා දන්නවා ව්‍යවස්ථාව. එතුමා ඒකට එකඟතාවය දක්වන්න ඕනේ පළාත් සභාව. පළාත් සභාව එකඟතාවයක් දක්වන්නේ නැත්තම් කොහොමද ක්‍රියාකරන්නේ. විපක්ෂයේ ඔබතුමාලා අපේ තුනෙන් දෙක ඉල්ලුවෝතින් තුනෙන් දෙක දෙන්නේ නෑ. ආණ්ඩුකාරවරුන් මේ පිළිබඳ දක්වන්නේත් මැලි තත්ත්වයක් මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා. මෙවැනි ගැටළුවලටත් ගරු අමාත්‍යතුමා හා අමාත්‍යාංශය මූණ දෙනවා. මං උදාහරණ කීපයක් කිව්වේ.

මගේ මිත්‍රයෙක් ශ්‍රීධරන් මන්ත්‍රීතුමා බොහොම වේදනාවෙන් කතා කළා අපිටත් ඒ වේදනාව තියෙනවා මහජනයාට යම් යම් නියමයන් ලබා ගන්නා අමාරුකම. වෙනත් රටවල යම් යම් නිෂ්පාදනය කරන දේවල් මගේ මිත්‍ර හිටපු ඇමතිතුමා දන්නවා ජාත්‍යන්තර වෙළෙඳපොළ ගුණාත්මකභාවය නොමැති නිසා හැම රටක් භාරගන්නෙ නෑ. ඒ අය යම් යම් වෙළදපොළවල්වලට ඇතුළු වෙනවා. ඒවයෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක අඛණ්ඩව MMRA සංවිධානය හා විවිධ පර්යේෂණායතන අඛණ්ඩව සොයා බැලිය යුතු කාලපරිච්ඡේදයක අපි ඉන්නේ. ඒ නිසා අද දින, මේ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පදනමක් ඔප්පු කරගන්න බැරි හුදෙක් විවේචනයට පමණක් සීමා වූ යෝජනාවක්. මහජන වේදනාවන් අර්බුදකාරී අවස්ථාවල සෞඛ්‍ය සේවයක් පමණක් නොව අනිත් සේවාවලත් පවතිනවා. ඒ පොදුවේ තිබෙන අර්බුදයන් ගොඩයාම කරා ඇති කිරීමේ ක්‍රියා මාර්ගයකින් හමාර වනතුරු එයට මේ වාරයේ දී අය වැය ලේඛනය තවත් ප්‍රතිපාදන වැඩි කරනු ඇත. එය අපි සභාවට ජනාධිපතිතුමාත් අමාත්‍යතුමා නිතර ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට තවදුරටත් එම සේවා පද්ධතිය ජනතා බලාපොරොත්තු වෙන නිරෝගීමත් නිරවුල් සමාජය අයිතිවාසිකම් භුක්ති විදින්න ගමන් කරන්න පුළුවන් වනවා ඇති සියලු දෙනාටම. විපක්ෂය ඉදිරිපත් කර ඇති පදනම් විරෝධී කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවකින් තොර ව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කරන්න කියලා, මේ අවස්ථාවේ ගරු ඇමතිතුමා පිළිතුරු දීලා තිබෙනවා. තවත් පිළිතුරු දෙයි ඒ නිසා අමාත්‍යතුමාටද මේ අවස්ථාවේ ඉඩ දෙමින් මා නවතිනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?