සොහොයුරාගේ දියණිය කෙලෙසූ විශ්‍රාමික පොලිස් නිලධාරියා

ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශ‍්‍රාමික පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට ගෝනගංආර පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භකර තිබේ.

තම සහෝදරයාගේ 14 හැවිරිදි දියණියට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙලෙස විමර්ශන ආරම්භ කර තිබේ.

වෙනත් ප‍්‍රදේශයක පදිංචි එම දැරිය නිවාඩු කාලයේ ගෝනගංආර ප‍්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසට පැමිණ නතර වී සිට තිබේ.

නිවසේ දී ලොකු තාත්තා විසින් දැරියට අවස්ථා කිහිපයක දී ලිංගික අතවරකර ඇති බව අනාවරණය වී ඇතැයි පොලීසිය පැවසීය.

එම දැරියට ගොඩකවෙල ප‍්‍රදේශයේදී සිදුවූ තවත් ලිංගික හිංසනයක් සම්බන්ධයෙන් කහවත්ත අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයක දී ඇයට මීට පෙර බරපතළ ලිංගික අතවරයක් සිදුවී ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ පිළිබඳව විමසීමේදී 2019 වර්ෂයේ අග භාගයේදී නිවාඩුවකට ගෝනගංආර ප‍්‍රදේශයේ ලොකු තාත්තාගේ නිවසට ගිය අවස්ථාවේ ලොකු තාත්තාගෙන් තමාට ලිංගික අතවර සිදුවූ බව ඇය වෛද්‍යවරයාට පවසා ඇත. 

අදාළ වෛද්‍යවරයා විසින් ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48