සොරුන් දෙදෙනා පසුපස පැන්නූ පෙදරේරුවාට මාරාන්තික පිහි ප්‍රහාරයක්

ජංගම දුරකථනයක් සොරාගත් සොරුන් දෙදෙනෙකු පසුපස හඹා ගිය පෙදරේරුවෙකුට සොරෙකු විසින් පිහියකින් ඇණ ඝාතනය කර ඇති බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොණරාගල ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙක් බවයි වාර්තා වුණේ.

ගල්කිස්ස, බොරුපන, පැරකුම් මාවත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක සේවයකරන පෙදරේරුවන් දෙදෙනෙක් එම වැඩ භූමියේ වාඩියක නිදාගෙන සිටිය දී අද (29) අලුයම 3.30ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු ඊට ඇතුළු වී තිබෙනවා.

එලෙස ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනා එහි තිබූ ජංගම දුරකථනයක් සොරාගෙන තාප්පයෙන් පැන පළායාමේ දී පෙදරේරුවන් දෙදෙනා හොරුන් දෙදෙනා පසුපස හඹා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මඳ දුරක් යාමේ දී පෙදරේරුවන් දෙදෙනා විසින් සොරුන් දෙදෙනාව අල්ලාගෙන තිබූ අතර, එම අවස්ථාවේ දී එක් සොරෙකු විසින් සඟවාගෙන සිටි උල් පිහියකින් පෙදරේරුවෙකුගේ පපු ප්‍රදේශයට ඇණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව සොරුන් දෙදෙනා සොරාගත් ජංගම දුරකථනය ද එම ස්ථානයේ දමා පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

පිහි ඇණුමට ලක්වූ පෙදරේරුවා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර, එහිදී ඔහු මියගොස් තිබෙනවා.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (29) දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?