සොරා ගත් යතුරුපැදියෙන් ශ්‍රී පාද වන්දනාවේ ගිය යුවළ අත්අඩංගුවට

සොරකම් රැසක් සිදුකර සැඟව සිටි පයාගල “චාටර් බට්ටා” නමැත්තා හා ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ආදරවන්තයින්ගේ දිනය දා ගාලු මුවදොර ප්‍රදේශයෙන් සොරා ගත් යතුරු පැදියකින් බිරිඳ සහ දරුවා සමඟ ශ්‍රී පාද වන්දනාවේ ගිය මෙම පුද්ගලයා එම ගමන අතර ද සොරකම් රැසක් සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු සමඟ සොරා ගත් යතුරුපැදිය, ආරක්ෂක හිස් වැසුම් දෙකක් හා ග්‍රීස් භාජනයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

හොරණ බොරලුගොඩ ප්‍රදේශයේ ලිහිසි තෙල් අලෙවි මධ්‍යස්ථානයකින් රුපියල් හැට දහසක් වටිනා ග්‍රීස් බාස්කට් එකක් කුඩා දරුවකු සමඟ යතුරුපැදියකින් පැමිණි අඹුසැමි යුවළක් සොරා ගෙන යන අයුරු CCTV කැමරාවක සටහන් ව තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ සැකකරු පයාගල ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවටයි.

ඒ අනුව ආදරවන්තයින්ගේ දිනය දා ගාලු මුවදොර පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට පැමිණි තරුණයෙකුගේ යතුරුපැදියක් සොරාගත් පුද්ගලයා මෙම සැකකරු බවට ප්‍රශ්න කිරීමේ දී අනාවරණ වී තිබෙනවා.

පසුව සැකකරුගේ සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සොරා ගත් යතුරුපැදියෙන් බිරිඳ සහ දරුවා සමග ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටියදී රත්නපුර ප්‍රදේශයේ බැටරි අලෙවිසැලකින් රුපියල් විසිපන්දහසක් පමණ වටිනා බැටරියක් සොරාගෙන එම ප්‍රදේශයේම තීරෝද රථ රියදුරෙකුට රුපියල් දස දහසකට අලෙවි කළ බවටයි අනාවරණය වී ඇත්තේ.

හොරණ බොරලුගොඩ ප්‍රදේශයෙන් සොරාගත් ග්‍රීස් බකට් එක බණ්ඩාරගම ප්‍රදේශයේ වෙළඳසැලකට රුපියල් 29000 කට අලෙවි කර තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

අවුරුදු 36 සහ 31 වයස්වල පසුවන් සැකකාර අඹුසැමි යුවළ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?