spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සොරාගත් යතුරුපැදියෙන් ගොස් මංකොල්ලකෑම් සිදුකළ අයියා මලෝ අල්ලයි (ඡායාරූප )

අංක තහඩු නොමැතිව ධාවනය කළ යතරුපැදියක් පරීක්ෂා කිරීමේ දී මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ සහෝදරයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලිසියට හැකිව තිබෙනවා.

ඊයේ (03) අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සන්තකයේ තිබී සොරකම් කරන ලද යතුරුපැදියක්, ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අකුරැස්ස, ගල්වල ප්‍රදේශයේ අංක තහඩු නොමැති ස්කූටි වර්ගයේ යතුරුපැදියක් ධාවනය වන බවට ලද තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

එහිදී යතුරුපැදියේ සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ T-56 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

මෙහිදී වයස අවුරුදු 16 සහ 25 යන වයස්වල පසුවන සහෝදරයින් දෙදෙනක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඉමදුව, අඟුළුගහ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මොවුන් සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශන වලදී ආවරණය වී ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය නොවැම්බර් 18 වනදා පස්වරුවේ අකුරැස්ස ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවි සැලකට ඇතුළු වී එහි කළමනාකරුට මිරිස්කුඩු ගසා ලක්ෂ අටක් වටිනා මාල පෙට්ටියක් මංකොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් බවයි.

මෙම සැකකරුවන් දෙදෙනා වැලිගම, කොක්මාදුව ප්‍රදේශයෙදී ස්කූටි වර්ගයේ යතුරුපැදියක් මංකොල්ලකෑමට සම්බන්ධ අයවලුන් බවට ද හඳුනාගෙන ඇති අතර, එම යතුරුපැදිය උපයෝගී කරගනිමින් මංකොල්ලකෑම් රැසක් සිදුකර ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?