සොරාගත් යතුරුපැදියෙන් ගොස් මංකොල්ලකෑම් සිදුකළ අයියා මලෝ අල්ලයි (ඡායාරූප )

අංක තහඩු නොමැතිව ධාවනය කළ යතරුපැදියක් පරීක්ෂා කිරීමේ දී මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ සහෝදරයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලිසියට හැකිව තිබෙනවා.

ඊයේ (03) අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සන්තකයේ තිබී සොරකම් කරන ලද යතුරුපැදියක්, ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අකුරැස්ස, ගල්වල ප්‍රදේශයේ අංක තහඩු නොමැති ස්කූටි වර්ගයේ යතුරුපැදියක් ධාවනය වන බවට ලද තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

එහිදී යතුරුපැදියේ සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ T-56 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

මෙහිදී වයස අවුරුදු 16 සහ 25 යන වයස්වල පසුවන සහෝදරයින් දෙදෙනක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඉමදුව, අඟුළුගහ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මොවුන් සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශන වලදී ආවරණය වී ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය නොවැම්බර් 18 වනදා පස්වරුවේ අකුරැස්ස ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවි සැලකට ඇතුළු වී එහි කළමනාකරුට මිරිස්කුඩු ගසා ලක්ෂ අටක් වටිනා මාල පෙට්ටියක් මංකොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් බවයි.

මෙම සැකකරුවන් දෙදෙනා වැලිගම, කොක්මාදුව ප්‍රදේශයෙදී ස්කූටි වර්ගයේ යතුරුපැදියක් මංකොල්ලකෑමට සම්බන්ධ අයවලුන් බවට ද හඳුනාගෙන ඇති අතර, එම යතුරුපැදිය උපයෝගී කරගනිමින් මංකොල්ලකෑම් රැසක් සිදුකර ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24