බේරුවල නගරයේ වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 27 ක් වටිනා විදුලි උපකරණ තොගයක් සොරකම් කර තිබෙනවා.
එලෙස සොරකම් කරන ලද භාණ්ඩ සමගින් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් සතුව තිබී සොරකම් කරන ලද භාණ්ඩ වලින් ජංගම දුරකථන 18 ක්, ලැප්ටොප් පරිගණක 02 ක්, රූපවාහිනී යන්ත්‍ර 03 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර කාන්තාවක් ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් තිදෙනා කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1













