සොජිට් බලාගාරය විදුලිබල මණ්ඩලය යටතට

Sojitz Kelanitissa (Pvt) Limited විසින් මෙහෙයවනු ලැබූ මෙගාවොට් 163 ක ඒකාබද්ධ චක්‍රීය බලාගාරය ලංකා විදුලිබල මණ්ඩලය (CEB) යටතට පත් කර තිබෙනවා.

පසුගිය මාර්තු 28 වන දින මෙම පැවරීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න ප්‍රමුඛ කණ්ඩායම විසින් මෙම පවරා ගැනීමේ ක්‍රියාවලිය 2022 වසර අග භාගයේ දී ආරම්භ කරනුලැබුවේ බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමේ (PPA) නියමයන් සහ කොන්දේසි අනුවයි.

රජයේ ප්‍රතිපත්ති රාමුව යටතේ ලංවිම සහ Sojitz Kelanitissa (Pvt) Limited අතර ගිවිසුම වසර 20ක කොන්ත්‍රාත්තු කාලයක් යටතේ 2000 වසරේ ජුනි මාසයේදී අත්සන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අවශ්‍යතා සැලකිල්ලට ගෙන එහි බලශක්ති උත්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහායි විදුලිබල මණ්ඩලය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදු කර ඇත්තේ.

කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටා ඇති ලංවිමට අයත් මෙගාවොට් 163 පහසුකම සුළු වෙනස් කිරීම් සහිතව ඉදිරියට ක්‍රියාත්මක වන අතර විදුලි නිෂ්පාදනයේ වත්මන් පිරිවැය අඩු කිරීම මෙමගින් අපේක්ෂිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06
Video thumbnail
බම්බු තෙල් මට ඕනේ නෑ - මට කොටි ඩයස්පෝරාවෙන් දෙනවා
06:05
Video thumbnail
QR එක දෙන්න හේතු කියන්න බෑ..කිසිම දත්තයක් හරියට නෑ - අද ජනපති අනුර මාධ්‍ය අමතන බව සභානායක කියයි
05:02
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02