AFC Banner
AFC Banner
Empty Ad

සොජිට් බලාගාරය විදුලිබල මණ්ඩලය යටතට

Sojitz Kelanitissa (Pvt) Limited විසින් මෙහෙයවනු ලැබූ මෙගාවොට් 163 ක ඒකාබද්ධ චක්‍රීය බලාගාරය ලංකා විදුලිබල මණ්ඩලය (CEB) යටතට පත් කර තිබෙනවා.

පසුගිය මාර්තු 28 වන දින මෙම පැවරීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න ප්‍රමුඛ කණ්ඩායම විසින් මෙම පවරා ගැනීමේ ක්‍රියාවලිය 2022 වසර අග භාගයේ දී ආරම්භ කරනුලැබුවේ බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමේ (PPA) නියමයන් සහ කොන්දේසි අනුවයි.

රජයේ ප්‍රතිපත්ති රාමුව යටතේ ලංවිම සහ Sojitz Kelanitissa (Pvt) Limited අතර ගිවිසුම වසර 20ක කොන්ත්‍රාත්තු කාලයක් යටතේ 2000 වසරේ ජුනි මාසයේදී අත්සන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අවශ්‍යතා සැලකිල්ලට ගෙන එහි බලශක්ති උත්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහායි විදුලිබල මණ්ඩලය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදු කර ඇත්තේ.

කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටා ඇති ලංවිමට අයත් මෙගාවොට් 163 පහසුකම සුළු වෙනස් කිරීම් සහිතව ඉදිරියට ක්‍රියාත්මක වන අතර විදුලි නිෂ්පාදනයේ වත්මන් පිරිවැය අඩු කිරීම මෙමගින් අපේක්ෂිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?